පැරා ඔලිම්පික් සමාරම්භයේදී බ්‍රසීල ජනපතිට හූ සංග්‍රහයක්

Thursday, 08 September 2016 - 12:56

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%8F+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පැරා ඔලිම්පික් තරඟාවලියේ සමාරම්භක උත්සවයට එක්වූ බ්‍රසීල් ජනාධිපති මිචෙල් ටර්ම්ට හූ සංග්‍රහයක් එල්ල වී තිබෙනවා.

බ්‍රසීලයේ - මරකානා ක්‍රීඩාංගනයේදී ඊයේ (070 පැවති සමාරම්භක උත්සවය නැරඹීමට පැමිණි පිරිසක් විසින් මෙලෙස බ්‍රසීල ජනාධිපතිවරයාට විරෝධය පළ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සමාරම්භක උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැය 02ක් පුරා පැවැත්වුණා.

මේ මස 21 වනදායින් අවසන් වීමට නියමිත  මෙම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 161ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4300ක් එක්වනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 09ක්.