ශ්‍රී ලංකා පුහුණුකරුට ලොකු බලාපොරොත්තුවක්

Friday, 09 September 2016 - 12:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ තවදුරටත් වර්ධනයක් බලාපොරොත්තුවන බව පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් පවසනවා.

ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු 20 යි 20 තරගයට ලසිත් මාංලික වැනි පුහුණු පන්දු යවන්නන් නොමැති වීම ද පාඩුවක් බවයි ග්‍රැහැම් ෆෝර්ඩ් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පසුගිය තරගයේදී මෙන් මීට පෙර ශ්‍රී ලංකාවට 20 යි 20 තරගවලදී දැඩි පීඩනයක් ඇති නොවු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම පළමු 20 යි 20 තරගයේ පන්දු යවන්නන් ද එතරම් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් නොවන බවයි ශ්‍රී ලංකා පුහුණුකරුවා පෙන්වා දෙන්නේ.

මේ අතර ඔස්ට්‍රේලියාව සමග අද පැවැත්වෙන තරගය ටී එම් ඩිල්ෂාන් සහභාගී වන අවසන් 20 යි 20 ජාත්‍යන්තර තරගයයි.

එය ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරන 497 වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද වනවා.

අනතුරුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමටයි තීරණය කර ඇත්තේ.