ඩිල්ශාන්ගේ අවසන් තරඟයේ සිංහයන්ගෙන් තියුණු සටනක් - අවසානයේ ජය කැන්ගරුවන්ට

Friday, 09 September 2016 - 22:10

%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
තියුණු තරඟයකින් අනතුරුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු හතරකින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ධනංජය සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු 50කදී ලකුණු 62ක් රැස් කළේ හතරේ පහර 5ක් සමඟින්.

දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දු වාර 17යි පන්දු 5කදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

එහිදී අවසානයේ ශ්‍රී ලංකාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක දිල්ශාන් සිය අවසන් තරඟයට එක් වෙමින් ඔස්ට්‍රේලියාවේ කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.

අවසන් පන්දුවාර කිහිපයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඕස්ට්‍රේලියා පිතිකරුවන් වෙත ප්‍රබල බලපෑමක් එල්ල කලද තරඟයේ ජය හිමි කරගත්තේ ඔස්ට්‍රේලියාවයි.

තරඟයේ ලකුණු සටහන සහ විශේෂ අවස්ථා දැක්වෙන ඡායරූප පහතින්.

\"\"


\"\"
\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"