බොක්සිං තරඟයක් අතරතුර සිසුවෙකුට රෝහල්ගත වෙන්න වූ විනිසුරුගේ පහරදීම

Monday, 12 September 2016 - 8:53

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8
සමස්ත ලංකා ක්‍රීඩා උළෙලේ බොක්සිං තරඟයක් අතරතුර පහරකෑමට ලක්වූ බව පවසමින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ක්‍රීඩකයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සදහන් කළේ තමන් සහභාගි වූ තරඟයේ විනිසුරුවරයා තරඟය නිමවීමෙන් අනතුරුව තමන්ට පහර දුන් බවයි.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරඟ මේ දිනවල කොළඹ රාජකීය විදුහලේ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.