පැරා ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව සමඟ ක්‍රීඩිකාව ඇදවැටුණු සංවේදී වීඩියෝව

Monday, 12 September 2016 - 12:24

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%8F+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%AF%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80
ගතේ ආබාධ සහිත වුවත් හිතේ ශක්තියට කළ නොහැක්කක් නොමැති බව ලොවටම ප්‍රකාශ කරන පැරා ඔලිම්පික් උළෙල මේ වන විට බ්‍රසීලයේ රියෝ නුවර පැවැත්වෙනවා.

සමස්ත පදක්කම් සටහනේ මුල්තැන චීනය හිමිකරගෙන සිටින්නේ රන් පදක්කම් 39ක් රිදී පදක්කම් 30ක් ලෝකඩ පදක්කම් 23ක් ඇතුළුව පදක්කම් 92ක් ලබාගනිමින්.

දෙවන තැන හිමිව ඇති බ්‍රිතාන්‍යය මේ වන විට ලබාගෙන ඇති පදක්කම් ප්‍රමාණය 56ක්.

තුන්වන ස්ථානයට සිටින්නේ පදක්කම් 49ක් දිනා ඇති යුක්රේනයයි.

මේ අතර මෙවර පැරා ඔලිම්පික් උළෙල ආරම්භයේදී ඔලිම්පික් ගිනිසිළුව රැඟෙන ගිය ක්‍රීඩිකාව ඇදවැටුණු සංවේදී වීඩියෝවක් පිලිබඳව සමාජ මාධ්‍ය වල විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

බ්‍රසීලයේ ප්‍රථම පැරා ඔලිම්පික් පදක්කම් හිමිකාරිය වූ Marcia Malsar මෙලෙස ගිනිසිළුව සමඟ ඇදවැටෙන්නේ බොහෝ දෙනෙකුගේ සිත කම්පා කරමින්.

තවමත් තමන් ශක්තිමත් බව ලොවට පෙන්වමින් ඇය නැගිට නැවතත් ගිනිසිළුව රැඟෙන ගියේ රැස්ව සිටි ක්‍රීඩා ලෝලීන්ගේ දෙනෙත කඳුලින් තෙත් කරමින්.

එම සංවේදී අවස්ථාව පහතින්.