නවසීලන්තයට එරෙහිව ඉන්දියාවෙන් ප්‍රබල කණ්ඩායමක්

Tuesday, 13 September 2016 - 14:08

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නවසීලන්ත ක්‍රිකට් පිළේ ඉන්දීය සංචාරය සඳහා ඉන්දියාව ප්‍රබල කණ්ඩායමක් නම් කර තිබෙනවා.

කොදෙව් චාරිකාවට සහභාගි වූ ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් 15 දෙනෙකුම නවසීලන්තය සමඟ තරඟ වදින ඉන්දීය සංචිතයට ඇතුළත්.

විරාට් කෝලි, නවසීලන්තයට එරෙහිව ඉන්දීය පිළ මෙහෙය වනු ලබනවා.

සංචාරක නවසීලන්ත පිළ ඉන්දියාව සමඟ ටෙස්ට් තරඟ 3කට සහ එක්දින තරඟ 5කට ද සහභාගිවීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරඟය සැප්තැම්බර් 22 වන දා සිට කාන්පූර් හිදී පැවැත්වෙනවා.

ඉන්දියාව දැනට අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ දෙවන ස්ථානයේ රැඳී සිටින අතර නවසීලන්තය රැදී සිටින්නේ 7 වන ස්ථානයේයි.