තේරීම් කමිටු සභාපති බලපෑම් කළ බව ඩිල්ෂාන් හෙළි කරයි

Tuesday, 13 September 2016 - 19:01

%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට සහභාගි නොවන  බව දන්වා ලිපියක් භාරදෙන්නැයි තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා දැනුම් දුන් බව ජාත්‍යන්තර පිටියෙන් සමුගත් තිලකරත්න ඩිල්ෂාන් අනාවරණ කළා.

මත ගැටුමක් ඇතිවීම වළක්වාගැනීම සඳහා තමන් ඒ අනුව ක්‍රියාකළ බවයි ඔහු කියා සිටියේ. තිලකරත්න ඩිල්ෂාන් මෙම හෙළිදරව්ව සිදුකළේ හිරු ටී වී සළකුණ කාලීන සංවාදයට ඊයේ එක්වෙමින්.

තමා පෞද්ගලික හේතූන් මත සංචාරයෙන් ඉවත්වූ බවට පැතිර යන විවිධ ප්‍රකාශ නිවැරදි කළ යුතු බැවින් මෙම හෙලිදරව්ව සිදුකළ බවද ඔහු සඳහන් කළා.