ඔලිම්පික් පදක්කමකින් ලක්මව සැරසූ රණවිරුවාගේ කටුක ගමන

Thursday, 15 September 2016 - 7:48

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%96+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1
මෙතෙක් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුට පමණක් හිමිකරගත හැකි වූ ඔලිම්පික් මට්ටමේ ජයග්‍රහණයක් සමගින් ලක් මාතාවට ගෞරවය ගෙන දුන් දිනේෂ්ගේ තොරතුරු සොයා හිරු ස්පෝස්ට් කෝනර් ඉපලෝගම - කාගම ප්‍රදේශයට ගියා.

1986 ජුලි 15 වැනි දින උපත ලද හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් දරු තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවන දරුවායි.

දිනේෂ්ට අවුරුදු 5 ක් වනවිට එම පවුලට පිය සෙනෙහස අහිමි වුණා.

අනතුරුව සිය මවගේ කැප වීම සහ ඥාතීන්ගෙන් ලද උපකාර මත කාගම - ධාතුසේන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ඔහු 2004 වසරේදී යුද හමුදාවට එක්වන්නේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට තම දායකත්වය ලබාදීමේ අරමුණ ඇතිවයි.

වසර 4 ක් ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව රට බේරා ගැනීමේ සටනක නියැලුණු දිනේෂ් 2008 වසරේ කිලිනොච්චියේදී ත්‍රස්තවාදීන්ගේ ස්නයිපර්
ප්‍රහාරයකට ලක්වුණා.

එම උණ්ඩයෙන් තුවාල වු ඔහුගේ දකුණු අත මේ වනවිට පවතින්නේ අක්‍රිය තත්ත්වයේයි.

තුවාලය සුවවීමෙන් පසු සේනපුර හමුදා කඳවුරේදී ක්‍රීඩාවට යොමු වූ දිනේෂ් මේ වනවිට සාලියපුර කඳවුරට අනුයුක්තව තම ක්‍රීඩා කටයුතුවල නියැලෙනවා.

ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වීමට මාස කිහිපයකට පෙර විවාහ දිවියට ඇතුළත් වූ දිනේෂ් ප්‍රියන්ත මේ වනවිට දෙදරු පියෙක්.

ආර්ථික හෝ වෙනත් බාධක හමුවේ ජීවන ගමනේ ඇද වැටෙන මිනිසුන්ට දිනේෂ්ගේ උත්සාහය සපයන්නේ මහගු ආදර්ශයක්.