ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

Thursday, 15 September 2016 - 12:47

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රෑම් හික් පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු 2020 වසර වනතුරු  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

ඊට අදාළ ගිවිසුමට ඊයේ අත්සන් තබමින් ඔහු කියා සිටියේ ලෝකයේ සිටින හොඳම ක්‍රිකට් කණ්ඩායමට තම සේවය ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටුවන බවයි.

ශ්‍රී ලංකාව සමඟ පසුගියදා පැවති එක්දින සහ විස්සයි විස්ස තරඟාවලි  ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයගත්තා.