යාපනයේ සිසුවියකගෙන් ජාතික මළල ක්‍රීඩා වාර්තාවක්

Friday, 16 September 2016 - 9:17

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%85%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අසූපස්වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා ශූරතාවලියේදී යාපනය - තෙලිප්පලෙයි මහජන විදුහලේ ශිෂ්‍යාවක් වන ජේ ඇනීටා ඊයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවනු ලැබුවා.

ඒ, රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 3.35 ක් වාර්තා කරමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ වළල ඒ රත්නායක මැදි විදුහලේ හර්ෂනී ධර්මරත්න ක්‍රීඩිකාවයි.

මෙවර ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලියේ බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් හිමිකරගත් අතර බාලිකා විදුහල වළල ඒ. රත්නායක මැදි විදුහලට හිමිවුණා.