FIFA ශ්‍රේණිගතකිරීමේ ලංකාවට හිමි තැන මෙන්න

Friday, 16 September 2016 - 13:42

FIFA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හෙවත් ෆීෆා ශ්‍රේණිගත කිරීම් අනුව බ්‍රසීලය නැවතත් ලොව පළමු පාපන්දු කණ්ඩායම් පහ අතරට එක්වී තිබෙනවා.

ඊයේ නිකුත් කෙරුණු වර්ගීකරණයට අනුව තවත් ලතින් ඇමරිකානු රටක් වන ආජන්ටිනාවට එහි ප්‍රමුඛස්ථානය හිමිවී ඇති අතර, බෙල්ජියමට දෙවන ස්ථානයත්, ජර්මනියට තුන්වන ස්ථානයත් හිමිවී තිබෙනවා.

බ්‍රසීලයට කොළොම්බියාව සමඟ සම හතරවන ස්ථානය හිමිවී ඇති අතර ස්පාඤ්ඤය මුල් කණ්ඩායම් 10 න් ඉවතට යාමද නව වර්ගීකරණයේ විශේෂත්වයක්.

උරුගුවේ කණ්ඩායම ස්ථාන හතරක් ඉදිරියට පැමිණ 9 වන ස්ථානය හිමි කරගෙන ඇති අතර, ප්‍රංශයට අටවන ස්ථානය හිමිවී තිබෙනවා.

6 සහ 7 වන ස්ථාන හිමිවී ඇත්තේ චිලී සහ පෘතුගාල කණ්ඩායම්වලටයි.

ෆීෆා ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම් වර්ගීකරණයේදී ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 193 වන ස්ථානයයි.

පාකිස්ථානයට 194 වන ස්ථානය හිමිවී ඇති අතර, නේපාලයට 186 වන ස්ථානයත් භූතානයට 189 වන ස්ථානයත් හිමිවී තිබෙනවා.

බංග්ලාදේශයට 185 වන ස්ථානයත්, මාලදිවයිනට 165 වන ස්ථානයත් හිමිවී ඇති අතර, ඇෆ්ගනිස්ථානයට 149 වන ස්ථානය හිමිවී තිබෙනවා.

දකුණු ආසියාතික රටවල් අතුරෙන් ඉහළම ස්ථානය එනම් 148 වන ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දියාවටයි.