අසරුදීන්ට ඇරයුමක්

Saturday, 17 September 2016 - 7:49

%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය කණ්ඩායමේ 500 වන ටෙස්ට් තරඟය වෙනුවෙන් පැවැත්වෙන උත්සවය සඳහා හිටපු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන මොහොමඩ්  අසරුදීන්ට ආරාධනා කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ලබන 22 වන දා නවසීලන්තය සමඟ කාන්පූර් හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉන්දීය ටෙස්ට් ඉතිහාසයේ 500 වන ටෙස්ට් තරගයයි.

මෙම තරඟය වෙනුවෙන් පැවැත්වෙන උත්සවය සඳහා මීට පෙර අසරුදීන් ආරාධනා නොකිරීමටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබුණේ.

ඒ, 2000 වසරේදී තරඟ පාවාදීමේ සිදුවීමකට මොහොමඞ් අසරුදීන් ජීවිතාන්තය දක්වා තරඟ තහනමකට ලක්වීම හේතුවෙන් නිළ ක්‍රිකට් උත්සව සඳහා ආරාධනා නොකිරීමට මීට පෙර ගෙන තිබූ තීරණයක් හේතුවෙන්.