2016 රියෝ පැරා ඔලිපික් ක්‍රීඩා උළෙල අවසානයේ චීනය පෙරමුණේ

Monday, 19 September 2016 - 7:26

2016+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%8F+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A
2016 රියෝ පැරා ඔලිපික් ක්‍රීඩා උළෙල ඊයේ (18) අති උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්වුණා.

ඒ, බ්‍රසීලයේ රියෝ නුවර Maracana ක්‍රීඩාංගනයේදියි.

මෙම ක්‍රීඩා උළෙල ආරම්භ වුයේ පසුගිය 07වනදා එම ක්‍රීඩාංගනයේ වන අතර එයද අති උත්කර්ෂවත්වුණා.

ආරම්භයේ මෙන්ම අවසානයත් සම්ප්‍රදායක නැටුම්,ගීත සහ සංස්කෘතික අංගයන් රැසකින් වර්ණවත් වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

2016 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිමවුණේ චීනය පෙරමුණේ තබමින්.

ඒ රන් 107ක්, රිදී 81ක් සහ ලෝකඩ 51ක් හිමිකර ගනිමින් වන අතර බ්‍රිතාන්‍ය දෙවන ස්ථානයටත් සහ යුක්රේනය තෙවන ස්ථානයටත් පත්වුණා.

පදක්කම් සටහනට අනුව ශ්‍රී ලංකාව 76වන ස්ථානයට පත්වුණේ ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින්.

පදක්කම් සටහන සහ පැරා ඔලිපික් ක්‍රීඩා උළෙලේ අවසන්වීමේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.


\"\" \"\" \"\"