දිනේෂ් චන්දිමාල්ට මාසයක නිවාඩුවක්

Monday, 19 September 2016 - 7:53

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට මසක පමණ කාලයක් ක්‍රිකට් අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතේ මහපටගිල්ල ශල්‍යකර්මයට ලක්කිරීම හේතුවෙන්.

මේ දිනවල ක්‍රියාත්මක වන වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ  පෙරේදා කටුනායක පැවති තරඟයක් අතරතුර චන්දිමාල් ආබාධයකට ලක්වුණා.

ඒ, උඩ පන්දුවක් රැකීමට යාමේදියි.

අනතුරෙන් පසු චන්දිමාල් රෝහල්ගතකර ඇති අතර පෙරේදා පස්වරුවේ ඔහුගේ දකුණු අතේ මහපටගිල්ලේ පැය දෙකකට ආසන්න කාලයක් ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.

මේ හේතුවෙන් අවම වශයෙන් චන්දිමාල්ට මසක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවටයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරඟ සංචාරය ලබන මස අග දී ආරම්භ වීමට නියමිත අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ද පාදයේ ශල්‍යකර්මයට මුහුණදී සිටිනවා.