තරඟ සූදානම ගැන තිලාන් කථා කරයි

Monday, 19 September 2016 - 12:54

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එළඹෙන එංගලන්ත සහ ඇෆ්ගනිස්ථාන සංචාර සඳහා මනාව සූදානම් කිරීම තම කාර්ය භාරය බව  ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර පවසනවා.

දින 45 ක කාලයක් සඳහා තිලාන් සමරවීර බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණු උූපදේශකවරයා ලෙස පත් කෙරුණා.

 බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දැනට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහයි.

කෙසේ වෙතත් ඔහු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තමාගේ වගකීම බවද තිලාන් සමරවීර එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.