ස්මිත්, පරාජයට හේතු කියයි

Tuesday, 20 September 2016 - 8:25

%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් පිටියේදී උපරිම ජවය සහ උද්යෝගය පිළිඹිබු නොකිරීම ශ්‍රී ලංකාවේදී ලද ටෙස්ට් පරාජයට මූලික හේතුව බව  ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් ප්‍රකාශ කළා.

එබැවින් තම දක්ෂතා හඳුනාගෙන කටයුතු කරන්නැයි ඔහු කණ්ඩායමේ සාමාජිකයන්ට අවවාදයක් ද ලබාදී තිබෙනවා.  

ඕස්ට්‍රේලියානු නායකයා මේ බව කියා සිටියේ දකුණු අප්‍රිකාව සමඟ ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට ආසන්නයේදියි.

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් පසු එක්දින තරගාවලිය අතරතුර  ඕස්ට්‍රේලියානු නායකයා නැවත සිට රට බලා ගිය අතර, ඉන් පසුව කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණ ඔහුගේ පැසසුමට ලක්වුණා.