ක්‍රිකට් කණ්ඩායම අරලියගහ මන්දිරයට කැඳවා අගමැති ප්‍රකාශ කළ දේ

Wednesday, 21 September 2016 - 6:54

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A
ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම හරහා ශ්‍රී ලාංකික අනන්‍යතාවය තවත් තහවුරු කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ සාමාජිකයින් මුණ ගැසුණු අවස්ථාවේදී.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සහ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණියේ අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සුහද පිළිසදරක ද නිරත වුණා.

ක්‍රීඩකයින් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සදහා දැන් සිටම සැලසුම් සකස් කළ යුතු බවයි.