අර්ජුනට ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරු

Thursday, 22 September 2016 - 18:27

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
තමන්ගේ කුහකකමට ක්‍රීඩකයින්ට දෝෂාරෝපණය කිරීමෙන් ඵළක් නොවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අමාත්‍ය අර්ජුන රණතුංග පසුගියදා කොළඹ පැවති ක්‍රීඩා සම්මන්ත්‍රණයකදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

අමාත්‍ය අර්ජුන රණතුංග එහිදී සදහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  ඕස්ට්‍රේලියානු පිලේ ග්ලෙන් මැක්ස්වෙල් දවා ගැනීම සදහා භාවිතා කළ උපක්‍රම අසාර්ථක ඒවා බවයි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඊට ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වුවා.

එහිදී ඔහු කියා සිටියේ සයීඩ් අෆ්රීඩී පන්දු 17 කදී ලකුණු 50 ක් ලබාගත් අවස්ථාවේදී කණ්ඩායම මෙහෙය වූ ආකාරය පිළිබඳව අර්ජුණ රණතුංග සිහිපත් කරගත යුතු බවයි.