තවත් ක්‍රීඩකයකු තරගවලින් සමුගනී

Friday, 23 September 2016 - 9:10

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළා.

කෙසේ නමුත් ඔහු විස්සයි විස්ස තරග සදහා තවදුරටත් සහභාගි වනු ඇති.

36 හැවිරිදි දිල්හාර ලොකුහෙට්ටිගේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන අතර, එක්දින ජාත්‍යන්තර තරග සදහා වරම් ලැබූයේ 2005 වසරේදීයි.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 9 කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දෙකකට සහභාගි වී ඇති අතර, පළමු පෙළ තරගවලදී ලකුණු 5464 ක් සහ කඩුලූ 354 ක් ලබාගෙන තිබෙනවා.