කලකිරීම නිසා ක්‍රිකට් දිවියෙන් සමුගත් දිල්හාර මැතිව්ස් ගැන කළ ප්‍රකාශය මෙන්න

Saturday, 24 September 2016 - 7:51

%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මෙරට තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කලකිරීම නිසා අද සිය ක්‍රිකට් දිවියෙන් සමුගත්තා.

ඒ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ.

අද පස්වරුවේ කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජයේ පැවති පුවත් සාකච්චාවකදී ඔහු පැවසුවේ සිය සමුගැනීම ඉක්මන් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ක්‍රියා කලාපය බවයි.

තුන් ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 9කට සහ පන්දුවාර 20 ක්‍රිකට් තරග 2කට ක්‍රීඩා කර තිබෙනවා.

ඊට අමතරව දේශීය පළමු පෙළ තරග 146කට ක්‍රීඩා කර ඇති දිල්හාර එහිදී ලකුණු 5464ක් සහ කඩුලු 354ක් දවාගෙන තිබෙනවා.