යෞවන ක්‍රීඩා උළෙලේ ශූරතාව ගම්පහට

Monday, 26 September 2016 - 13:44

%E0%B6%BA%E0%B7%99%E0%B7%9F%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84%E0%B6%A7
ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට ගම්පහ දිස්ත්‍රික්කය ඊයේ සමත්වුණා.

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දින හතරක් පැවති තරඟාවලියේ අනුශූරතාව හිමිවුණේ කොළඹ දිස්ත්‍රික්කයටයි.

3වන ස්ථානය මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම හිමිකරගත්තා.

මෙවර ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ ඩී. සම්පත් රණසිංහ සම්මානය දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස  තේරී පත්වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ කේ.එල්.ඒ. නිමාලි ක්‍රීඩිකාවයි.