ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස අද

Tuesday, 27 September 2016 - 9:03

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%AF
සංචාරක  ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිළ සහ ශ්‍රී ලංකා කාන්තා පිළ අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ සමඟ පැවති එක්දින තරඟ තුනෙන්ම ජයග්‍රහණය කළේ  ඕස්ට්‍රේලියානු කාන්තා පිළයි.

ඒ අනුව ඔවුන් ලබන වසරේ පැවැත්වෙන අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

2017 වසරේ එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත් ප්‍රථම කණ්ඩායම ඕස්ට්‍රේලියාවයි.

අයි.සී.සී. කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දර්ශකයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ සිටින අතර ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 8 වන ස්ථානයයි.

අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය සඳහා මුල් කණ්ඩායම් 4 අනිවාර්යෙන් සුදුසුකම් ලබන අතර, අනෙක් කණ්ඩායම් ලබන පෙබරවාරියේදී සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි විය යුතුයි.