කලකට පසු සුපිරි ආරම්භක පිතිකරුවෙකු නැවත පිටියට කැඳවයි

Wednesday, 28 September 2016 - 9:41

%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
වසර දෙකකට පසු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ගෞතම් ගාම්බීර් යළි කැදවා තිබෙනවා.

ලබන සිකුරාදා කොල්කටා ඊඞ්න් ගාඞ්න් හි පැවැත්වෙන ඉන්දියා - නවසීලන්ත ටෙස්ට් තරගාවලියට මොහු ආරම්භක පිතිකරුවෙකු ලෙස කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහභාගි වූ 500 වන ටෙස්ට් තරඟයේදී කේ.එල්. රාහුල් ආබාධයකට ලක්වුණා.

ඒ හේතුවෙනුයි ගෞතම් ගාම්බීර් ටෙස්ට් තරගාවලියට කැදවා ඇත්තේ.