ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩා පිටියේ සිදුවන ඉතිහාස ගතවන දේ මෙන්න

Wednesday, 28 September 2016 - 12:39

%E0%B6%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලෝඩ්ස් ක්‍රිකට් සම්ප්‍රදාය ආදර්ශයට ගෙන ඉන්දියාවේ කොල්කටාහි - ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ ද ටෙස්ට් ක්‍රිකට් තරඟයට පෙර සීනුවක් නාද කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 30 වනදා නවසීලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ආරම්භයට පෙර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී සීනු නාද කිරීම සිදුවනු ඇති.

හිටපු සුපිරි ඉන්දීය ක්‍රිකට් නායක කපිල් දේව් විසින් එම සීනු නාදය සිදුකිරීමට නියමිතයි. මීට පෙර කපිල් දේව් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී 2007 වසරේදී සාම්ප්‍රදායික සීනුව නාද කර තිබෙනවා.