42 වන ජාතික ක්‍රීඩා උළෙල අද ඇරඹේ

Thursday, 29 September 2016 - 11:47

42+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනය - දොරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදි අද ආරම්භ වනවා.

දින 04ක් පුරා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල අවසන් වන්නේ ලබන මස 02 වැනිදායි.

1967 වසරේදී ආරම්භ කරනු ලැබූ ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

තරඟ ඉසව් 33ක් යටතේ මෙවර ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර පෙර වසරේදී ඇතුලත් නොවුණු ඉසව් 08ක් මෙවර තරඟාවලියට අලූතින් එක් කර තිබෙනවා.

මලල ක්‍රීඩා, වෙරළ කබඩි, පැසිපන්දු, කඹ ඇදීම හා පාපන්දු යන තරග පමණක් යාපනයේදී පැවැත්වෙන අතර ඊට ක්‍රීඩකයන්, නිලධාරීන් සහ විනිසුරුවරුන් 2600ක් සහභාගි වනවා.