සුපිරි පිතිකරුවෙකු වූ පියා ගිය මග යන රෙසඳුගේ සුපිරි ඉනිම

Thursday, 29 September 2016 - 12:48

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BB%E0%B7%99%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8
පසුගියදා පැවති 13 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට්‌ තරගාවලියේදී ශතකයක් ලබා ගත් කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායම නියෝජනය කරන කුඩා දරුවෙකු වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූවා.

කුඩා කාලයේම මෙලෙස දස්කම් අතරට පැමිණි මෙම පුංචි ක්‍රිකට් තරුව නමින් රෙසඳු තිලකරත්න.

ඔහු අපි හොඳින් දන්න කියන පසුගියදා ක්‍රීඩාවෙන් සමුගත් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ ආදරණීය පුතනුවන්.

ඩිල්ෂාන් වැනි සුපිරි පිතිකරුවෙකුගේ තවත් බලාපොරොත්තුවක් පිළිබඳව ඉඟියක් ශ්‍රී ලංකාවට ලබා දෙමින් රෙසඳු තිලකරත්න එම තරඟයේදී ශතකයක් රැස්කරමින් තම පාසල් කණ්ඩායම ජයග්‍රහණය කරා රැඟෙන යනවා.

කෝට්‌ටේ ශාන්ත තෝමස්‌ විදුහලට එරෙහිව පැවැති මෙම තරඟයේදී රෙසඳු නොදැවී ලකුණු 114ක්‌ රැස් කරගන්නවා.

මීට අමතරව රාජකීය විදුහල වෙනුවෙන් කනික දයාරත්න කඩුලු 5ක් සහ නිපුන කඳමේආරච්චි කඩුලු 3ක් ලබාගන්නවා.