ජාතික ක්‍රීඩා උළෙලේදී ඉවසිය යුතුයි - දයාසිරි ජයසේකර

Friday, 30 September 2016 - 8:11

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB
ප්‍රශ්නකාරී තත්ත්වයන් කිහිපයක් පැවතුනද යාපනයේ දෙමළ ජනතාව වෙනුවෙන් සහ ජාතික සමගිය වෙනුවෙන් එම තත්ත්වයන් මෙවර ජාතික ක්‍රීඩා උළෙලේදී ඉවසිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (29) යාපනය - දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ තරඟ වාර්තා සම්බන්ධයෙන් දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී පවතින ප්‍රමිතිය සමඟ ගැටලූ මතුවූවත් ඒ සියල්ල ජාතික සමගිය වෙනුවෙන් ඉවසිය යුතු බවයි.