කැන්ගරුවන් අසරණකරමින් Kockගේ පිත්තෙන් හැඩවුණු සුපිරි ඉනිම මෙන්න

Saturday, 01 October 2016 - 9:17

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+Kock%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සංචාරක ඕස්ට්‍රේලියානු පිළ සමඟ සෙන්චූරියන් හිදී ඊයේ පැවැති පළමු එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ඕස්ට්‍රේලියාවට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දු වාර 50 තුළ දී කඩුලු 9ක් දැවී ලකුණු 294ක් රැස් කර ගත්තා.

GJ Bailey ලකුණු 74ක් ද, JW Hastings ලකුණු 51ක් ද රැස් කළා.

පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාව පන්දු වාර 36යි පන්දු දෙකකදී කඩුලු 4ක් දැවී ලකුණු 295ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

මෙහිදී සුපිරි පිතිහරඹයක නිරත වූ Q de Kock පන්දු 113කදී හයේ පහර 11ක් සහ හතරේ පහර 16ක් සමගින් ලකුණු 178ක් රැස් කළා.

මේ අනුව තරඟ 5කින් යුත් එක්දින තරගාවලියේ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාවයි.

තරඟයේ වීරයා වූ  Q de Kockගේ සුපිරි ඉනිම පහතින් නරඹන්න.



\"\" \"\"