ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අද ප්‍රේමදාස පිටියට එන වෙනස් පන්දුව මෙන්න

Tuesday, 04 October 2016 - 8:08

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ශ්‍රී ලංකාව අද ප්‍රථම වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් සඳහා රෝස පැහැති පන්දුවක් භාවිත කරනවා.

ඒ, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන සිව් දින නිළ නොවන ටෙස්ට් තරඟයේදීයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ අනෙකුත් රටවල් මේ වන විටත් රෝස පන්දුවට අවතීරණ වී ඇති අතර ශ්‍රී ලංකාව එය යොදා ගැනීම දැනටමත් පමා වී ඇති බවයි.

අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය රෝස පැහැ පන්දුවක් භාවිත කිරීම නිර්දේශ කර ඇත්තේ දිවා රාත්‍රී ටෙස්ට් තරඟ සඳහා යොදා ගැනීමේ සූදානමක් ලෙසයි.