ඉන්දු පාකිස්ථාන ගැටුම ක්‍රිකට් පිටියටත් එයි

Tuesday, 04 October 2016 - 13:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානය දැන් ඉන්දු - පාකිස්තාන ගැටුමක් බවට පත්වී තිබෙනවා.

අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානය ඊයේ වන තුරු හිමිව තිබුණේ පාකිස්තානයටයි.

එහෙත් නවසීලන්ත පිළ සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ද ජය ගැනීමත් සමඟ එහි මුල් තැන ඉන්දියාවට හිමි වුණා.

ඉන්දියාව සහ නවසීලන්තය අතර තුන්වන ටෙස්ට් තරඟය ඔක්තෝම්බර් 8 වන දා සිට ඉන්දෝර් හිදී පැවැත්වෙනවා.

එහිදී නවසීලන්තයට එරෙහිව තුනට බින්දුවක ටෙස්ට් ජයක් වාර්තා කිරීමට හැකි වුවහොත් අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ඉන්දියාවේ ප්‍රමුඛස්ථානය තහවුරු වනු ඇති.

එහිදී ඔවුන්ට ලැබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 115ක්.

බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී පූර්ණ ජයග්‍රහණයක් හිමි කර ගත්ත ද පාකිස්තානයට හිමි කර ගත හැක්කේ ප්‍රසාද ලකුණු 112ක් පමණයි.

එහෙත් තුන්වන ටෙස්ට් තරඟයෙන් නවසීලන්තය ජය ගතහොත් ඉන්දියාවට හිමි වන්නේ ප්‍රසාද ලකුණු 111ක් පමණයි.

එහිදී නැවතත් ටෙස්ට් දර්ශකයේ මුල් තැන හිමි කර ගැනීම සඳහා පාකිස්තානයට අවස්ථාවක් හිමි වනවා.