ශ්‍රී ලංකාවේ පළමු වරට දිවා රාත්‍රී ටෙස්ට් පන්දුවෙන් R ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරඟය

Wednesday, 05 October 2016 - 7:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+R+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA
ශ්‍රී ලංකාවේ පළමු වරට රෝස පැහැති පන්දුව භාවිත කෙරෙන ක්‍රිකට් තරගයක් ඊයේ ආරම්භ වුණා.

ඒ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතරයි.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

ලෝක ක්‍රිකට් කරලියට මෑතකදී හදුන්වාදුන් දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග සදහා යොදා ගැනීමට විවිධ වර්ණයන්ගෙන් යුත් පන්දු පිළිබඳ යෝජනා ඉදිරිපත් වුවත් අවසානයේ ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ එම තරග සඳහා රෝස පැහැති පන්දුවක් යොදා ගැනීමටයි.

අනතුරුව ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් බොහොමයක් තම දේශීය තරග සදහා වරින් වර රෝස පැහැති පන්දු යොදාගත්ත ද ශ්‍රී ලංකාව තුළ එය මෙතෙක් භාවිත කර තිබුණේ නැහැ.

ඒ අනුව කොදෙව් ඒ කණ්ඩායම සමග ඊයේ ආරම්භ වූ සිව්දින තරගය ඉතිහාසයට එක් වන්නේ මෙරටදී රෝස පැහැති පන්දුව ක්‍රිකට් තරගයකට යොදාගත් පළමු අවස්ථාව ලෙසින්.

කෙසේ වෙතත්, මෙම තරගය පැවැත්වෙන්නේ දිවා රාත්‍රි තරගයක් ලෙස නොවේ.

අද උදෑසන කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ඒ කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 276 ක් රැස් කළා. විෂාල් සිං ලකුණු 96 යි.

පන්දු යැවීමේදී අසේල ගුණරත්න කඩුලු 3 ක් බිද හෙලුවා.

අද දිනය තුළ ශ්‍රි ලංකා පළමු ඉනිමේ එක් පන්දු වාරයක් ක්‍රියාත්මක වූ අතර, එහිදී ලකුණු හෝ කඩුලු කිසිවක් වාර්තා වුණේ නැහැ.