ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයක

Wednesday, 05 October 2016 - 12:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්දින තරගයේ් දෙවන දිනය අදයි.

මේ වනවිට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට පළමු ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 150 ක් රැස් කරගෙන සිටියා.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 80 ක් රැස් කරගෙන සිටින අතර දිමුත් කරුණාරත්න නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 60 ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලූදෙනා දැවී ලකුණු 276 ක් ලබා ගත්තා.