ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉතිහාසගත වූ තරඟයේ මිලර්ගේ සුපිරි හයේ ඒවා හය මෙන්න

Thursday, 06 October 2016 - 7:16

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B6%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
එක්දින තරඟයක ලොව දෙවන වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් ජයගැනීමේ වාර්තාව තම කණ්ඩායම ඉදිරියේ සටහන් කර ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත් වූවා.

ඔස්ට්‍රේලියාව සමඟ පැවති තුන්වන එක්දින තරඟයේදී ලකුණු 372ක ඉලක්කයක් කඩුලු හයක් පමණක් දැවී පසුකර යමින් ඔවුන් මෙම වාර්තාව තැබුවා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 371ක් රැස් කරගත්තා.

DA Warner ලකුණු 117ක් සහ SPD Smith ලකුණු 108ක් රැස් කළා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දුවාර 49යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 6ක් දැවී ජය හිමි කරගත්තා.

එහිදී කැපී පෙනෙන ඉනිම වූ මිලර්ගේ සුපිරි ඉනිම හේතුවෙන් මෙම සුපිරි ජය දකුණු අප්‍රිකාව වෙත හිමි වූ බවටයි ක්‍රිකට් විචාරකයන් ප්‍රකාශ කළේ.

දකුණු අප්‍රිකාව පරාජයේ මානයට පැමිණ සිටියදී පිටියට පැමිණි මිලර් පන්දු 79කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟ තම කන්ඩායම ජයග්‍රහණය කරා රැඟෙන ගිය ඉනිම ගොඩනැගුවා.

නොදැවී ක්‍රීඩා කළ මිලර් තරඟයේ වීරයා වූවා.

ඒ අනුව තරඟ පහකින් යුත් එක්දින තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ දකුණු අප්‍රිකාවයි.

ඔහුගේ සුපිරි ඉනිම ඇතුලු තරඟයේ සියලුම විශේෂ අවස්ථා පහතින්.







\"\" \"\"