ඇරඹුමේදී බංගලාදේශ පිතිකරු හයෙන් හතරෙන් එංගලන්තය බය කළ හැටි

Saturday, 08 October 2016 - 7:40

%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
බංග්ලාදේශය සමඟ පැවති පළමු එක්දින තරඟයෙන් ලකුණු 21ක තියුණු ජයක් ලැබීමට සංචාරක එංගලන්ත පිළ ඊයේ සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත සිය පන්දු වාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 309ක් රැස් කළා.

බෙන් ස්ටෝක්ස් ලකුණු 101ක් රැස් කළ අතර, ජොස් බට්ලර් සහ බෙන් ඩකට් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු වශයෙන් බංග්ලාදේශ පිළ පන්දු වාර 47යි පන්දු 5කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළේ ලකුණු 288ක් පමණයි.

ඉම්රුල් කයිස් ලකුණු 112ක් රැස් කළ අතර ශකිබ් අල් හසන් පන්දු 55කදී ලකුණු 79ක් රැස් කිරීමට සමත් වුණා.

බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි Imrul Kayes හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් සමඟයි ප්‍රවේගකාරී ලෙස ලකුණු 112ක් රැස් කර ගත්තේ.

මෙහිදී එංගලන්තය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ JT Ball කඩුලු 5ක් සහ AU Rashid කඩුලු 4 බැගින් ලබා ගැනීම විශේෂ වනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ තුනකින් යුත් එක්දින තරගාවලියේ එංගලන්තය එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.



\"\" \"\"