ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මරුට

Monday, 10 October 2016 - 7:46

%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
2009 වසරේදී පාකිස්ථානයේ - ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන කරී අජ්මාල් නැමැත්තා ඇමරිකානු - ඇෆ්ගනිස්ථාන ඒකාබද්ධ මෙහෙයුමකින් මියගොස් තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේදී මොහු ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාත්මක ලෂ්කායි ඊ ජැන්ගි ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස හැදින්වෙන මොහු ත්‍රස්ත ක්‍රියා රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අයෙකු බවටයි සැළකෙන්නේ.

2009 මාර්තු මාසයේදී ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරයෙන් මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර, තරංග පරණවිතාන සහ  චමින්ද වාස් තුවාල ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරයක් එල්ලකිරීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අයුරින්.