ලෝකයම කතා කළ කෝලි ක්‍රීඩාංගනයේදී කරපු අමුතු වැඩේ මෙන්න

Monday, 10 October 2016 - 10:15

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි කරපු අමුතු වැඩක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඔහු විසින් සිය පුහුණුවීම් අතරතුර තමන් විසින් භාවිතයට ගත් අපද්‍රව්‍ය සියල්ල එකතු කර පසුව එය කසල බඳුනකට ගෙනවිත් දමන අයුරු එම වීඩියෝවේ දක්වෙනවා.

එපමණකින් නොනැවතුණු මෙම නායකයා අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්වා දෙමින් එම අවස්ථාවේ ක්‍රීඩාංගනයේ තැන තැන දමාගොස් තිබූ ප්ලාස්ටික් බෝතල් එකතු කර ගෙනවිත් කසල බඳුනට දමනවා.

කෙසේ වෙතත් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා විකාශය වීමත් සමඟ ඔහුගේ මෙම ක්‍රියාව අගය කරමින් ඔහුට විවිද පුද්ගලයන්ගෙන් ඇමතුම් ලැබී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර මෙම වීඩියෝව පිලිබඳ සිය twitter ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්ද එම ක්‍රියාව අගය කර තිබෙනවා.

එම අවස්ථාව පහතින්