එංගලන්තය පරදා බංග්ලාදේශයට ජය

Monday, 10 October 2016 - 13:07

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරඟය ලකුණු 34කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුළු 08ක් දැවී ලකුණු 238ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දු වාර 44යි පන්දු 4ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204ක් පමණයි.

තරඟ තුනකින් සමන්විත එංගලන්ත බංග්ලාදේශ එක්දින තරඟාවලිය එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම මේ වනවිට සම තත්ත්වයේ පසුවනවා.

දෙරට අතර තුන්වන එක්දින තරඟය මේ මස 12 වැනිදා පැවැත්වෙනු ඇති.