ෆිලිප් හියුස්ගේ මරණය වැළැක්විය නොහැකි ඛේදවාචකයක් බව හෙළිවේ

Monday, 10 October 2016 - 15:07

%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
ක්‍රිකට් පන්දුවක් හිසේ වැදීමෙන් මිය ගිය  ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිලිප් හියුස්ගේ මරණය වැළැක්විය නොහැකි වූවක් බව ඒ පිළිබද දීර්ඝ පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ඔහුගේ මරණය පිළිබඳ දින 5ක ජූරි විභාගයක් පැවැති අතර එහිදී හෙළි වී ඇත්තේ ක්‍රිකට් පන්දුව හිසේ වැදුණු මොහොතේ සිටම ෆිලිප් හියුස්ගේ මරණීය ක්‍රියාවලිය ආරම්භ වූ බවයි.

2014 වසරේ නොවැම්බර් 25 වන දා සිඞ්නි නුවර පැවති ක්‍රිකට් තරඟයකදී වේග පන්දුවක් හිසේ වැදුණු මෙම ක්‍රිකට් ක්‍රීඩකයා ඉන් දින දෙකකට පසු මරණයට පත්වුණා.

නව ජුරි විභාගය පැවැත්වුණේ ඔහුගේ මරණය වැළැක්විය හැකිව තිබූ එකක් ද යන්න පිළිබඳව විමසා බැලීමටයි.

ක්‍රිකට් පන්දුව වැදුණු මොහොතේ සිට කෙතරම් හදිසි ප්‍රතිකාර ලබා දුන්න ද ෆිලිප් හියුස්ගේ මරණය වැළැක්විය නොහැකිව තිබූ බවයි ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් උපුටා දක්වමින්  ඕස්ට්‍රේලියානු නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.