අශ්වින් 81කට කඩුලූ 6ක් බිඳ හෙලයි

Tuesday, 11 October 2016 - 9:12

%E0%B6%85%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+81%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
සංචාරක නවසීලන්ත පිළ සමඟ පැවැත්වෙන 3 වන ටෙස්ට් තරඟයේ 3 වන දිනය වූ ඊයේ ඉන්දියාව පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

පළමු ඉනිම සඳහා ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 557ක් රැස් කළ අතර, නවසීලන්තයට මුල් ඉනිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 299ක් පමණයි.

එහිදී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 81කට කඩුලු 6ක් බිද හෙලූවා.

ඉන්දියාව ඊයේ දිනය අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 18ක් ලබා සිටියා.

ඉන්දියාව මේ වන විට දෙවන ඉනිමේදී නවසීලන්තයට වඩා ලකුණු 276ක් ඉදිරියෙන් සිටිනවා.