ඉන්දියාව ඉදිරියෙන්

Tuesday, 11 October 2016 - 13:26

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
සංචාරක නවසීලන්ත පිළ සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ 4 වන දිනය වන අද දිවා භෝජනය සඳහා තරඟය නතර කරන විට දෙවන ඉනිමේදී ලකුණු 385ක් ඉදිරියෙන් සිටීමට ඉන්දියාව සමත් වුණා.

පළමු ඉනිමේදී කඩුලු 5ක් දැවී ලකුණු 557ක් රැස් කළ ඉන්දියාව දෙවන ඉනිමේදී මේ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 127ක් ලබා සිටිනවා.

නවසීලන්තය මුල් ඉනිම සඳහා ලබා ගත්තේ ලකුණු 299ක් පමණයි.

ඉන්දීය පිළේ දෙවන ඉනිමේදී ගෞතම් ගාම්බීර් ලකුණු 50ක් ලබා ගත් අතර, චෙටේශ්වර් පුජාරා නොදැවී ලකුණු 50ක් ලබා සිටිනවා.