ලෝකයේම මුල්තැනට ඉන්දියාව ගෙන ආ නායකත්වයේ සුපිරි ද්විත්වය

Wednesday, 12 October 2016 - 7:22

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය 3ට බින්දුවක් ලෙස ජය ගැනීමට ඉන්දියාව ඊයේ සමත් වුණා.

ඒ, තුන්වන තරඟයේදී නවසීලන්තයට එරෙහිව වාර්තා කළ ජයග්‍රහණයත් සමඟයි.

මෙම තරඟයේදී පළමු ඉනිම සඳහා ඉන්දියාව කඩුලූ 5ක් දැවී ලකුණු 557ක් රැස් කළා.

නවසීලන්තයට පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 299ක් පමණයි.

දෙවන ඉනිමේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 256ක් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායමට ලකුණු 475ක ඉලක්කයක් ලබාදුන්නා.

කෙසේ වෙතත්, දෙවන ඉනිමේදී නවසීලන්ත කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

මෙම ටෙස්ට් ජයග්‍රහණයත් සමඟ ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පැමිණීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

මෙම තරඟයේදී නායකත්වයේ වගකීම අමතක නොකළ කෝලි ලබාගත් ද්විත්ව ශතකය ලොව පුරා ක්‍රීඩා විචාරකයින්ගේ විශේෂ අවධානය හිමිකර ගත්තා.

ඔහුගේ සුපිරි ද්විත්ව ශතකය පහතින්.