ක්‍රීඩාවට කැළලක් වූ ගැටුමට ලැබුණු දඬුවම මෙන්න

Wednesday, 12 October 2016 - 8:04

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
බංගලාදේශ කණ්ඩායමේ නායක Mashrafe Mortaza හට සහ Sabbir Rahman හට තරග මුදලින් 20%ක දඩයක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

එංගලන්තය කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අතරතුරදී අවිනීත අන්දමින් හැසිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවටයි ICCය ප්‍රකාශ කළේ.

මෙම තරගයේදී එංගලන්ත නායක josh butlerගේ දැවී යාමෙන් අනතුරුව බංගලාදේශ ක්‍රීඩකයින් හේතුවෙන් ගැටුම්කාරී වාතාවරණයක් පිටිය තුල නිර්මාණය වූ බවටයි ප්‍රකාශ වන්නේ.

කෙසේ වෙතත් එංගලන්ත නායකයාද යම් කිසි වචන හුවමාරුවක් සිදුකළ බවට අදාළ සිද්දිය දැක්වෙන වීඩියෝවේ දැක්වෙනවා.

මේ අතර එංගලන්ත නායකයාට අවවාද කිරීමට තරග තීරකවරයා පියවර ගෙන තිබුනත් ඔහුට දඩ මුදලක් නියම නොකිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයින් මවිතය පල කරනවා.

එම අවස්ථාව පහතින්