තරඟය පරාජය වූවත් ලෝකයේම අවධානය දිනාගත් Warner කළ සුපිරිම වැඩේ

Thursday, 13 October 2016 - 8:10

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+Warner+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
සංචාරක  ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති පස්වන සහ අවසන් එක්දින තරඟයත් ජයගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත්වුණා.

ඒ අනුව මෙම තරඟාවලිය පහට බින්දුවක් ලෙස ජයගත්තේ දකුණු අප්‍රිකාවයි.

ඊයේ පැවති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 327 ක් රැස් කළා.

ලකුණු 328 ක ඉලක්කයක් කරා හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයින්ට පන්දු වාර 48 යි පන්දු දෙකක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 296 ක් පමණයි.

ඒ අනුව අවසන් එක්දින තරඟය ලකුණු 31 කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා.

කෙසේ වෙතත් අත්වන දැවැන්ත තරඟාවලි පරාජයෙන් කණ්ඩායම මුදවා ගැනීමේ බලාපොරොත්තුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ගෙනා Warnerගේ ඉවසිලිවන්ත ඉනිම පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමු වූවා.

එහිදී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පැමිණි Warner ලකුණු 173 රැස් කළේ හතරේ පහර 24ක් සමඟයි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.



\"\" \"\"