Update : ශ්‍රී ලංකා ඒ කණ්ඩායම 101/7

Friday, 14 October 2016 - 7:43

Update+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+101%2F7
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සමග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද (14) දිවා භෝජනය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දෙවන ඉනිම සදහා කඩුලු 7 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් පිල මෙම තරගයේ පළමු ඉනිමේදී කඩුලු 9 ක් දැවී ලකුණු 509 ක් රැස් කළ අතර, දෙවන ඉනිමේදී කඩුලු 3 ක් දැවී ලකුණු 216 ක් ලබා පන්දුවට පහරදීම අත්හිටුවනු ලැබුවා.

පළමු ඉනිමේදී ලකුණු 245 කට දැවී ගිය ශ්‍රී ලංකා ඒ පිල තවමත් සිටින්නේ කොදෙව් ඒ කණ්ඩායමට වඩා ලකුණු 380 ක් පිටුපසින්.

Update- Friday, October 14, 2016 12.55
--------------------------------------------------------
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ පිල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්දින නිල නොවන ටෙස්්ට් තරගයේ අවසන් දිනය අදයි.

බටහිර ඉන්දීය කොදෙව් පිල මෙම තරගයේ පළමු ඉනිමේදී කඩුලු 9 ක් දැවී ලකුණු 509 ක් රැස් කළ අතර, දෙවන ඉනිමේදී කඩුලු 3 ක් දැවී ලකුණු 216 ක් ලබා පන්දුවට පහරදීම අත්හිටුවනු ලැබුවා.

පළමු ඉනිමේදී ලකුණු 245 කට දැවී ගිය ශ්‍රී ලංකා ඒ පිල ඊයේ තුන්වන දිනය නිමා වනවිට කඩුලු 2 ක් දැවී ලකුණු 36 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඒ පිල තවමත් සිටින්නේ කොදෙව් ඒ කණ්ඩායමට වඩා ලකුණු 445 ක් පිටුපසින්.