රග්බි තරඟ මාලාවේ ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට

Monday, 17 October 2016 - 9:03

%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ආසියානු සත් සාමාජික රග්බි තරඟ මාලාවේ අවසන් අදියරයේ සිව්වන ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.

ඒ, ඔවුන් සහභාගි වූ තරඟ දෙකම පරාජය වීම හේතුවෙන්.

ආසියානු රග්බි තරඟ මාලාවේ පළමු අදියර දෙකේම අනුශූරතා දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට පැවති  අවසන් අදියරයේ දී පසුබෑමකට ලක්වීම මෙහිදී කැපී පෙනුණා.

කෙසේ වෙතත් මෙවර සමස්ත තරඟ මාලාවේ අනුශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ ප්‍රසාද ලකුණු 27 ක් සමගින්.

කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති මෙම තරඟාවලියේ දෙවන දිනය වූ ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරඟයට එක්වුණේ හොංකොං කණ්ඩායම සමඟයි.

තරඟයේ මුල් මිනිත්තු කිහිපයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසුවුවද හොංකොං කණ්ඩායම තරඟය අවසානයේ ජය වාර්තා කළේ ගෝල 19 ට 7 ක් ලෙසයි.

අවසන් පූර්ව තරඟයේ පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන ස්ථානය සඳහා චීනය සමඟ තරඟ වැදුනු අතර ගෝල 22 ට 21 ක් ලෙස එම තරඟයෙන්ද ඔවුන් පරාජයට පත්වුණා.