ඉන්දියාවට ජය

Monday, 17 October 2016 - 12:34

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ ඊයේ පැවති පළමු එක්දින තරඟය කඩුලූ හයකින් ජයගැනීමට ඉන්දියාව සමත්වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල නියමිත පන්දු වාර 50 අවසානයේදී සියලූම දෙනා දැවී රැස්කළේ ලකුණු 190 ක් පමණයි.

එහිදී ටොම් ලැතම් නොදැවී ලකුණු 79 ක් සහ ටිම් සවුති ලකුණු 55 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 33 යි එක් පන්දුවක් තුළදී කඩුලූ හතරක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.

විරාත් කෝලි නොදැවී  ලකුණු 85 යි.

මෙම තරඟයේදී නවසීලන්ත ක්‍රීඩක ටොම් ලැතම් වාර්තා අතරට එක්වුණේ එක්දින තරඟයකදී ආරම්භක පිතිකරු ලෙස පැමිණ තරඟය අවසන් වනතුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටි ලොව දසවන ක්‍රීඩකයා ලෙසයි.

\"\" \"\"