හිටපු නායකත්වයට මීළඟ තරඟය අහිමි වෙයි නව නායකත්වය ලහිරු තිරිමාන්නට

Tuesday, 18 October 2016 - 10:49

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7
බටහිර ඉන්දීය කොදෙව් ‘A‘ කණ්ඩායම සමඟ අද ආරම්භවන තුන්වන සහ අවසන් සිව්දින ක්‍රිකට් තරගයට නම් කළ ශ්‍රී ලංකා ‘A‘ සංචිතයේ නායකත්වය ලහිරු තිරිමාන්නට පවරා තිබෙනවා.

මේ තරගාවලියේ පළමු සිව්දින තරග 2 තුළදී නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.

දිමුත්ට අමතරව නිරෝෂන් දික්වැල්ල, විමුක්ති පෙරේරා, ප්‍රභාත් ජයසූරිය සහ ලහිරු කුමාරද සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට අවසන් තරගයේ සංචිතයට කැඳවා ඇත්තේ ලහිරු ගමගේ, දසුන් ශානක, සඳුන් වීරක්කොඩි, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අමිල අපෝන්සුයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කළ ශ්‍රී ලංකා A සංචිතය මෙන්න

1. Lahiru Thirimanne (Captain)
2. Kusal Janith Perera (Vice Captain)
3. Roshen Silva
4. Charith Asalanka
5. Asela Gunaratne
6. Avishka Fernando
7. Anuk Fernando
8. Lakshan Sandakan
9. Asitha Fernando
10. Lahiru Gamage
11. Kasun Madushanka
12. Dasun Shanaka
13. Sandun Weerakkody
14. Jeffery Vandersay
15. Amila Aponsu