අන්තර්ජාතික මළල ක්‍රිීඩා සම්මාන උළෙලට උසේන් බෝල්ගේ නමත්

Wednesday, 19 October 2016 - 13:50

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%85%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A
මේ වසරේ අන්තර් ජාතික මළල ක්‍රීඩා සම්මාන උළෙලේ හොදම ක්‍රීඩකයාට හිමි සම්මාන සඳහා ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සහ බ්‍රිතාන්‍යයේ මෝ ෆාරා නිර්දේශ වී තිබෙනවා.

මෙම සම්මාන උළෙල මේ වසරේ දෙසැම්බර් මාසයේදී මැකාවෝ දිවයිනේ පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් සඳහන් කළේ බොහෝ දුරට උසේන් බෝල්ට් මෙම සම්මානය හිමිකර ගනු ඇති බවයි.

ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස උසේන් බෝල්ට් සැලකෙන අතර මෝ ෆාරා ලොව දිගු දුර ධාවකයා ලෙසයි වාර්තා අතරට එක් වන්නේ.