ටෙස්ට් තරගාවලියේ ජය පාකිස්ථානයට

Wednesday, 26 October 2016 - 13:13

%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
අබුඩාබිහි දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 133 කින් ජය ගැනීමට පාකිස්ථානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 ට බින්දුවක් ලෙස ජය ගෙන ඇත්තේ පාකිස්ථානු කණ්ඩායමයි.

දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පාකිස්ථානු කණ්ඩායම ලකුණු 452 ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 227 ක් රැස් කළා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 224 ක් පමණයි.

ඒ අනුව, තරගය ජයග්‍රහණය කිරීම සදහා ලකුණු 455 ක ඉලක්කයක් කොදෙව්වන්ට හිමිවූ අතර, ඔවුන්ට සියලුම ක්‍රීඩකයින් දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 322 ක් පමණයි.

එහිදී පාකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් යසීර් ෂා ලකුණු 124 කට කඩුලු 6 ක් බිද හෙලනු ලැබුවා.

තරගයේ වීරයා යසීර් ෂා




\"\" \"\" \"\"