යුනිස් ඛාන් අංක 2 ට

Friday, 28 October 2016 - 12:27

%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+2+%E0%B6%A7
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීම් දැන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී පාකිස්ථානු ක්‍රීඩක යුනිස් ඛාන් ටෙස්ට් පිතිකරු දර්ශකයේ දෙවන ස්ථානයට පත්වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් පිල සමග අබුඩාබියේ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ද පාකිස්ථානය ජයග්‍රහණය කිරීමත් සමගයි යුනිස් මෙලෙස දර්ශකයේ ඉදිරියට පැමිණියේ.

2009 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ලාහෝරයේ පැවති ටෙස්ට් තරගයේදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමත් සමග ඔහු ICC ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමිකර ගත්තා.

ඉන් පසුව, ඔහු නැවතත් දර්ශකයේ ඉහළම ස්ථානයකට පත්වී ඇත්තේ නවතම ශ්‍රේණිගත කිරීමෙන්.

ශ්‍රී ලංකාවට ICC  ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ 6 වන ස්ථානයේ තවදුරටත් රැදී සිටීමට නම් සිම්බාබ්වේ සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළ යුතුයි.

එසේ නොවුවහොත් නවසීලන්තයට ටෙස්ට් දර්ශකයේ 6 වන ස්ථානය හිමිවන අතර, ශ්‍රී ලංකාවට හිමිවන්නේ 7 වන ස්ථානයයි.

\"\"